අද පාරට බහින පක්ෂ-සංවිධාන හරියටම මෙන්න

රජය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් අද (02) දින කොළඹ දී විරෝධතා රැලියක් සහ පෙළපාලියක් සංවිධානය කර තිබේ.

දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන සහ ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් ඇතුළු පාර්ශව මෙය සංවිධානය කර ඇති බව සඳහන්ය.

පෙළපාලිය අද පස්වරු 03.00ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණීමට සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් සිය පක්ෂය අද පැවැත්වෙන විරෝධතාව සඳහා එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේය.

මේ අතර අඬපණ වු ආර්ථිකය යළි පිබිදීමක් පෙන්නුම් කෙරෙන අවස්ථාවක මෙවැනි විරෝධතා දැක්වීම සුදුසු නොවන බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ජනතාවට සහන ලැබෙන අවස්ථාවක විරෝධතා ක්‍රියාමාර්ගවල යෙදීමේ අරමුණ පැහැදිලි නොවන බව පුජ්‍ය දඹර අමිල හිමි සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *