දිවි නසා ගන්න හදන පිරිස ඉහළට- A/L නිසා1843 ක්.. ජනවාරි පළවනදා 37ක්.. පාස්කු නිසා වැඩිවේ

2019 වසර සිය දිවි නසා ගැනීමට සිත්වූ අය ඇතුළු මානසික ප්‍රශ්න ඇති 16, 612 ක් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට ඇමතුම් දෙමින් සහාය ඉල්ලා තිබෙනවා.

විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය සඳහන් කළේ ජනවාරි පළමු වන දින පමණක් ඇමතුම් 37ක් ලැබී ඇති අතර ඒ සියල්ල ජීවිතය ගැන කලකිරුණු ජීවිතය හැර යන්නට හිතුණු අයගේ ඇමතුම් බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ද විශාල ඇමතුම් ප්‍රමාණයක් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට ලැබී තිබෙනවා.

උසස් පෙළ ප්‍රතිඵලත් සමග දෙසැම්බර් මාසෙයේ පමණක් ඇමතුම් 1843 ක් ලැබී ඇති බව ද විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය සඳහන් කළා.

“පසුගිය අවුරුද්දේ අපේ රටේ සිදුවුණු පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමග අපිට ලැබෙන ඇමතුම් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගියා. මොකද මෙවැනි සංවේදී සිදුවීම්වලට විශාල ලෙස තැතිගැන්මට ලක්වෙන පිරිස් බොහෝ දෙනා ඉන්නවා. ඒ වගේම පසුගිය දා නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵලත් සමග දෙසැම්බර් මාසෙට විතරක් 1843 ක් අපිට ඇමතුම් ලැබුණා. විභාග ප්‍රතිඵල නිසා මානසික පීඩනයට ලක් වුණු පිරිස් ජීවිතය නසා ගන්න පවා හිතුණු පිරිස් ඒ අතර හිටියා’’

ආදරයෙන් පරාජය වන බොහෝ දෙනා තෝරා ගන්නේ එක්කෝ තම ජීවිතයේ සියලු බලාපොරොත්තු අත්හැර දමා සිටින්නටය. නැතිනම් සිය ජීවිතය තොරකර ගන්නටය. සමහර විවාහක යුවළවල් කතා කරනවා අපිට එයාලගේ සහකාරයා සහකාරිය සමග එකට ජීවත් වෙන්න බෑ. එක්කෝ අධිකව සැක කරනවා තමන් යන එන තැන් පවා කියන්න ඕන, නැත්නම් ගහනවා කියලා. තවත් සමහරු කියනවා එකට ජීවත් වෙද්දි තමයි තේරෙන්නේ එයාට මානසික රෝගයක් ද දන්නේ නැහැ කියලා.”

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.