හෙද කාර්ය මණ්ඩලය අධි ධාරිතාවකින් සේවය කිරීම නිසා පීඩනයකින්

වර්තමානය වනවිට සමස්ත හෙද කාර්ය මණ්ඩලයම අධි ධාරිතාවකින් සේවය කිරීම නිසා පීඩනයකින් පෙළෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.

කොළඹදී ඊයේ (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ උපලේකම් හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යාණි ද සොයිසා සඳහන් කළේ අවම හෙද කාර්ය මණ්ඩලයක් පැවතීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවයි.

දැනට සමස්ත හෙද කාර්ය මණ්ඩලය 38,000 ක් පමණ වන අතර, පවතින සේවා අවශ්‍යතාව ඉන් දෙගුණයක් පමණ වන බවයි ඇය කියා සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *