නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තැබූ සුදු අන්තවාදී ඝාතනයාට මිනීමැරුම් චෝදනා 50 ක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා 39 ක් ඇතුළු තවත් චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.
28 හැවිරිදි ඔස්ටේලියානු ජාතික දක්ෂිණ මතධාරී එම ඝාතකයා අද (5) ක්‍රයිස්ට්චර්ච් දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය 15 වැනිදා සිදුවුණු එම ඝාතනයෙන් පසු නවසීලන්ත රජය රටේ ගිනි අවි සම්බන්ධයෙන් පවතින නීති වෙනස් කිරීමට පියවර ගත් අතර නව නීති ලබන 11 වැනිදා සිට ක්‍රියාත්මක වනවා.
මේ අතර නවසීලන්ත අගමැතිනී ජැසින්ඩා එර්ඩන් පවසා ඇත්තේ, ඝාතකයාට ඔහුගේ අන්තවාදී අදහස් ප්‍රසිද්ධ කිරීමට අධිකරණය වේදිකාවක් කර නොදෙන බවත්, තමන් ඝාතනයාගේ නම පවා කීමෙන් වැළකී සිටින බවත්ය.