සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ දිනයක නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවත්, මේ මස අවසන් වීමට පෙර ප්‍රතිඵල ලබාදීමට හැකිවන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය‘ පෙළ විභාගය පසුගිය දෙසැම්බර් 03 වැනිදා සිට 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන හාරදහස් හයසිය හැටඑකකදී පැවැත්වුණා.

ඒ සඳහා පාසල් අයදුම්කරුවෝ හාරලක්ෂ විසිදෙදහස් අටසියපනස් දෙනෙක් හා පෞද්ගලික අයදුම්කරුවෝ දෙලක්ෂ තිස්තුන්දහස් හත්සිය අනූඑක් දෙනෙක් සහභාගි වී සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *