රාජ්‍ය මාධ්‍ය ආයතන බංකොලොත් කරමින් තම මඩිය තරකර ගන්නා නිලධාරීන්ට අගමැති සරණ! ඩලස් සහ ලේකම් ගොළුවෙලා

ස්වාධින යැයි කියා ගන්නා රාජ්‍ය ආයතනයක වත්මන් සභාපතිවරයකුගේ අත්තනෝමතික හා අමනෝඤ ක්‍රියාකාරකමි හේතුවෙන් මේවන විට ආයතනය බංකොලොත් භාවයට ගමන් කරමින් තිබෙන බවට එක දිගට තොරතුරු වාර්තා විය.

රාජ්‍ය මාධ්‍ය වල අභ්‍යන්තර මෆියාවන් ක්‍රියාත්මක කරමින් ඉහළ පුටුවල සිටින නිලධාරීන් තම සුඛ විහරණයට බොහෝ දේ කරගන්නා බවට එලෙස තොරතුරු වාර්තා විය.

ඒ සම්බන්දයෙන් වාර්තා අපද එක දිගට වාර්තා කළෙමු. මේ සම්බන්දයෙන් වාර්තා වන තොරතුරු වලට අනුව එකී ආයතනයකු සේවකයකු අප සමඟ පැවසුවේ අදාල නිලධාරීන් එලෙසින්ම දිගටම තමන්ගේ සුඛ විහරණ කර්තවයන් එකදිගට කරගෙන යන බවය.

ආයතනය නගාසිටුවීම පසෙකලා තමන්ගේ පෞද්ගලික ලාභ ඉපයීමි වෙනුවෙන් කටයුතු කරන එක්තරා සභාපතිවරයකු තමන්ගේ පරණ නාට්‍ය එක දිගට පෙන්වමින් එක් කොටසකට රැ.75000 බැගින් ආයතනයේ මුදල් තමන්ගේ ගිණුමට බැර කර ගන්නා බව ද වාර්තා වේ.

මේ තත්වය පිලිබදව අදාල අංශ සාක්ෂි සහිතව දැනුවත් කලද මේ දක්වා අදාල ආයතනය විනාශ මුඛයට ඇදගෙන යන මෙම සභාපතිවරයාට එරෙහිව කිසිවෙක් ක්‍රියාමාර්ගයක් නොගැනීම සේවකයන්ගේ විමතියට හේතූවී ඇත. මේ පිළිබදව පසුගියදා කැබිනටි තීරණ දැනුමිදීමෙි සාකචිඡාවෙිදී විෂය භාර ඇමතිවරයා වන ඩලස් අලහප්පෙරුම මහතාගෙන් මාධ්‍යවෙිදියෙක් ද ප්‍රශ්ණ කළේය . ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ දේශපාලන, නිලතල කිසිවක් මායිමි නොකර දුෂණට එරෙහිව කටයුතු කරන බවයි.

එමෙන්ම අප ද මේ ගැන කල විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ අදාල තොරතුරු සම්බන්දයෙන් සොයා බලා කටයුතු කරන බවය. එමෙන්ම වැරදි කල, දූෂණ වංචා කරන නිලධාරීන් ඉවත් කිරීමට තමන්වත් වත්මන් රජයවත් පසුබට නොවන බවද ඇමතිවරයා පැවසුවේය.

නමුත් එම පිළිතුරට සති දෙකක් ගතවීමට ප්‍රථම එකී සභාපතිවරයා තමන්ගේ නාට්‍ය රූ ගත කිරීමක් සඳහා ආයතනයෙන් බැහැරව ගොස් ඇත. ඒ දින 90 කටය. මෙසේ යාමේදී ආයතනික ක්‍රියාපටිපාටියට අනුව අමාත්‍යංශය ලේකම් වරයාගෙන් නිවාඩු අනුමත කරවා ගත යුතුය. සභාපතිවරයා නිවාඩු ඉල්ලා ඇතත් අමාත්‍යංශ ලේකම් නිවාඩු අනුමත කර නැති බව වාර්තා වේ. එලෙස නිවාඩු අනුමත නොවූවත් ඔහු මේවන විට තමන්ගේ නාට්‍ය රූ ගත කිරීම සඳහා ආයතනයෙන් බැහැරව ගොස් ඇත්තේ අමාත්‍යංශ ලේකම්ගේ හෝ ඇමතිගේ අවසරයකින් තොරවය.

එහිදී ඔහුට සමීප ආරංචි මාර්ගයක් පැවසුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඔහුව ආරක්ෂා කරන බැවින් ඔහු ඔහුගේ වැඩ කර ගන්නා බවය.

මෙතරමි වංචා දුෂණ හෙලිව තිබෙද්දිත් අගමැතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව මෙලෙස නිලධාරීන් රකිමින් ඊට එරෙහිව කටුයුතු නොකරන පසුබිමක ඉදිරියටද ඔහුට එරෙහිව කටයුතු නොකරනු ඇතැයි සේවකයන් පවසති.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *