📹යොහානි හින්දි චිත්‍රපටයක් වෙනුවෙන් T-Series ලේබලයේ පළමු ගීතය යුටියුබ් වෙත එළිදක්වයි

ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ප්‍රථමවරට බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට අද (28) පිවිස ඇති බව වාර්තා විය.

ඒ කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ‘ෂිද්දත්’ හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ පසුබිමි ගායිකාව ලෙසිනි.

ඇයගේ ගායනය සහිත වීඩියෝව යූටියුබ් ඔස්සේ එළි දක්වා ඇති අතර එම ගීතයේ නිල පසුබිම් ගායකයා ලෙස ඉන්දීය ගායක මානන් බාරද්වාජ් කටයුතු කරයි.

යොහානි ද සිල්වා සිය යූටියුබ් චැනලය හරහා එම ගීතය එළිදැක්වූවාය.

මෙම ගායනය ඇතුළත් හින්දි චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක ලබන 01 වැනිදා සිට තිරගත කිරීමට නියමිත බව වාර්තා වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *