තෙල් මිල ඉහළම අගයට

අබුඩාබියේ ඩ්‍රෝන ප්‍රහාරයෙන් අනතුරු ව මැදපෙරදිග තෙල් සැපයුම පිළිබද මතු ව ඇති අවිනිශ්චිතභාවය හේතුවෙන් ලෝක වෙළදපළේ තෙල් මිල අද වසර 7කින් ඉහළම අගයට පත්වුණා.

අබුඩාබි ප්‍රහාරයෙන් පසු ඉරාන සන්ධානය සහ සෞදි සන්ධානය අතර ඇති වී තිබෙන උණුසුම් වාතාවරණය හේතුවෙන් තෙල් සැපයුම අඩු විය හැකි බවටයි විචාරකයන් මත පළ කරන්නේ.

මේ නිසා බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ආසියානු වෙළදපළේ අද ඩොලර් 86.92ක් දක්වා ඉහළ ගිය අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 84.62ක් ලෙස යි.

You May also like

Leave a Reply

Your email address will not be published.