තෙල් සාම්පල පරීක්ෂණ ආයතන 03 කට භාරදෙයි

දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක තිබී පසුගියදා සොයාගත් ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් බවුසර් දෙකේ අඩංගු තෙල් සාම්පල ආයතන 03 ක් වෙත පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, නීති කටයුතු පිළිබඳ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත ද සිල්වා කියා සිටියේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්ෂණ ඒකකයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට මෙම සාම්පල යොමුකර ඇති බවයි.

පසුගිය මස 28 වැනිදා ලීටර 55,000 අඩංගු බවුසර් දෙකක් දංකොටුව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඒවා පසුගිය 31 වැනිදා රේගු දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබුවා.

ඒ, විශේෂ පොලිස් ආරක්ෂාව යටතේයි.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අද හෝ හෙට අදාළ ආයතනවලට යොමුකළ සාම්පලවල වාර්තා ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව මෙම පොල්තෙල්වල පිලිකාකාරක අඩංගුද නැද්ද යන්න පිළිබඳව තහවුරු කරගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙරටට ගෙන්වූ පිළිකා කාරක සහිත පොල්තෙල්වලින් කොටසක් මලයාසියාවට ප්‍රතිඅපනයනය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *