තම සන්තකයේම තිබුණු රුපියල් 200න් 100ක් දීලා කොරෝනා නිසා අසරණ වූ අයට උදව් කරන්න කියපු උතුම් අම්මා (Video)

අද උදේ ඉඳලා සමාජ මාධ්‍ය හරහා නිතරම දකින්න ලැබුණු මේ වීඩියෝ එක සමහරවිට මේ වෙද්දී ඔයා දැකලා ඇති. එහෙම නැති වෙන්නත් පුළුවන්. මේක මිනිස්සුන් විදිහට අපි හැමෝම අනිවාර්යෙන්ම දැකිය යුතු විදිහේ වීඩියෝ එකක් නිසාම අපි හිතුවා මේ ගැන ඔබට කියන්න.

මේ දවස්වල ඇඳිරි නීතියත් එක්ක එදා වේල හම්බකරගෙන කාපු බීපු මිනිස්සුන්ට මේක බොහොම අමාරු කාලයක් කියන එකනම් අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. මහමග තමන්ගේ ජීවිතය ගෙවන අහිංසක ජීවිත වගේම වයසක අම්මලා තාත්තලා ගොඩක් මේ හේතුව නිසා අසරණ වෙලා තියනවා.

තමන්ගේ මිනිස්සුන්ගේ අසරණකමේදී හැමදාමත් වගේ පිහිටට එන අපේ මිනිස්සු මේ වතාවෙත් දෙපාරක් හිත හිත හිටියේ නෑ.

ඉතින් මේ වගේ අසරණ වුන පවුල්වලට අත්‍යවශ්‍ය යන කණ්ඩායමක් ගොඩවදිනවා එක වයසක අම්ම කෙනෙක්ගේ ගෙදරකට. ගතේ වාරු නැති, ඉන්නට හරිහමන් නිවහනක් නැති, තනියට උදව්වට දරු මුණුබුරෙක් නැති මේ වයසක අසරණ අම්මට මේ පිරිස ලබාදෙනවා ලොකු බඩු මල්ලක්.

හැබැයි නිකන්ම මේක පිළිගන්නත් ඇයගේ අදහසක් නෑ. හැමෝම එපා කියද්දී තමන් අතේ තියන රුපියල් 200න් 100ක් මේ පිරිස අතට දෙන්න මේ උතුම් හදවත හිත හිතා ඉන්නේ නෑ.

ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් සමග ගමේ ගෙවල් වෙත යන මේ පිරිස ඒ ආධාරයක් විදිහට සලකලා මේ පුංචි මුදල පිළිගන්නේ ඇයට පින්දෙමින්. බලන්න තමන්ගේ නැතිබැරිකම් හමුවේ වුනත් මේ වගේ පිනට ලැදි ඇයගේ සුන්දර හදවත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *