දක්ෂිණ අධිවේගී මාර්ගයේ 58 වැනි කිලෝමීටරය අසල හෙවත් ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රීයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවෙගී රථවාහන පොලිසිය සඳහන් කළා.
ආපදාවකට ලක්ව තිබූ කුඩා ලොරි රථයක් අසල රැඳී සිටි පුද්ගලයින් මෙසේ අනතුරට පත්වූ බවද පොලිසිය පැවසුවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක සිටි පුද්ගලයින් ලොරි රථයක් ආපදාවට පත්ව තිබෙනු දැක ඇති අතර ඔවුන් සිය වාහනය නතර කර ලොරි රථයේ රියදුරාට උපකාර කිරීමට ඒ අසල රැඳී සිට ඇතැයිද පොලිසිය කියා සිටියා.
මේ අතර කොළඹ දෙසටම ධාවනය වෙමිත් තිබූ තවත් කැබ්රථයක් අධික වේගයෙන් පැමිණි නවතා තිබූ වෑන් රථයේ ගැටී තිබෙන අතර එම වෑන් රථය ඉදිරියට තල්ලු වී යාමෙන් ලොරිය අසල සිටි පුද්ගලයන් අනතුරට පත්ව ඇති බවද පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි හෙට්ටිආරච්චිගේ සමීර පෙරේරා නමැත්තෙකි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ රියැදුරන් තිදෙනා ගාල්ල නාගොඩ රෝහලටත් කැබ් රථයේ ගමන්ගත් රියැදුරු සහ අනෙක් පුද්ගලයා ඇල්පිටිය රෝහලටත් ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.