කිලිනොච්චියේ බෝම්බ හැදුවේ ‘පොට්ටු අම්මාන්ගේ ‘ගෝලයෙක් – එල්ටීටීඊයට නැවත පණ දීම අරමුණයි

කිලිනොච්චිය අයියකච්චි ප‍්‍රදේශයේ නිවසක් තුළ බෝම්බයක් සකසමින් සිටියදී එය පිපිරී බරපතළ තුවාල ලැබූ කොටි ත‍්‍රස්තවාදියා පිළිබද මුලින්ම තොරතුරු අනාවරණය වී ඇත්තේ ආරක්‍ෂක බුද්ධි අංශ ඉකුත් 2014 වසරේදී දියත් කළ රහසිගත මෙහෙයුමකදී බව .වාර්තා වනවා.

ඉන් පසුව කිලිනොච්චියේ පිපිරීම සිදුවන තෙක් ඔහු පිළිබද කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බව ආරක්‍ෂක අංශ නිලධාරින් පවසනවා.

මෙම කොටි ත‍්‍රස්තවාදියාගේ සැබෑ නම චන්ද්‍රරාසන් ආත්මන් වුවද එල්ටීටීඊය විසින් මේනන් ලෙසින් නම්කර සිටි මොහු 1993-94 කාලයේ එල්ටීටීඊයට බැඳී අවසානයේ පොට්ටු අම්මාන්ගේ නායකත්වය යටතේ කි‍්‍රයාත්මක වූ එල්ටීටීඊ බුද්ධි අංශයේ පරිණත සාමාජිකයකු ලෙස කි‍්‍රයා කළ අයකු බවද වාර්තා වනවා.

යුද්ධය අවසානයේ පුනරුත්ථාපනයට ලක්ව පසුව හිටපු කොටි ත‍්‍රස්තවාදීන් එක්ව පිහිටුවාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්කාමින්ගේ පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන සිට ඇති මොහු එල්ටීටීඊයට නැවත පණ දීමට කාලයක සිට කි‍්‍රයාත්මකව සිටින්නකු බවද මේ වන විට අනාවරණය වනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යාපනය පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් සිදු කරනු ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *