කුලියාපිටියෙනුත් මිලියන 120ක් වටිනා හෙරොයින් තොගයක් හසුවේ

හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සමග සැකකරුවෙකු කුලියාපිටිය හෙට්ටිපොළ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී තවත් හෙරොයින් කිලෝ 09ක් සොයා ගන්නට හැකි වී ඇති අතර ඊයේ (27) රාත්‍රියේ මෙම වැටලීම සිදු කෙරුණා.

පොලිසිය සඳහන් කළේ මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 120ක් පමණ වන බවයි.

අත්අඩංගුවට පත් සැකකරුගේ වයස අවුරුදු 27ක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *