රටට වැඩක් කළේ එජාපය – ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි

මුළු ආණ්ඩුවම සහ ජනාධිපතිවරයාත් වහාම ඉල්ලා අස්විය යුතු බව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

අද රටේ යමක් ඉතිරි වී තිබේ නම් ඒ එක්සත් ජාතික පක්ෂ පාලන කාලවල දී කළ කී දේ පමණක් බවද ඔහු පැවසුවේය. එජාප මහ ලේකම්වරයා අනාගතයේදීත් රටට තිබෙන එකම විකල්පය දුර දකින එක්සත් ජාතික පක්ෂය පමණක් බව ද සඳහන් කළේය.

කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස් ඇමරිකා සමාගමකට පැවරීමේ තීරණයට එරෙහිව රජයේම පාර්ශ්ව දියත් කරන විරෝධතාව තවත් ජනතා රැවටීමක් පමණක් බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *