OPPO වෙතින් අඩු ආලෝකයේ පවා සුපැහැදිලි ඡායාරූප ලබාදෙන OPPO F11 Pro

OPPO F11 Pro දුරකථනය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. අඩු ආලෝකයේ පවා සුපැහැදිලි ඡායාරූප ලබාදෙන මෙය, 48MP+5MP Dual Rear Camera පද්ධතියක් සමග අතිනවීන විශේෂාංග රැසකින් සමන්විත
වේ. 48MP ultra-clear කැමරා පද්ධතිය, rising කැමරාව සහ panoramic තිරය වැනි අංග පාරිභෝගිකයන්ගේ සිත් වසඟ කරනු නිසැක ය. දැන් අබාන්ස්, ඩයලොග්, සිංහගිරි, Daraz, OPPO බලයලත් නියෝජිතයන් සහ OPPO ප්‍රධාන ප්‍රදර්ශනාගාර වෙතින්, රු. 74,990 කට, Thunder Black සහ Aurora Green වර්ණ වලින් මෙම දුරකථනය මිලදීගත හැකි වේ.

OPPO යනු කවදත් තරුණ පරපුරේ රුචිකත්වයන්ට ගැළපෙන දුරකථන හා තාක්ෂණයන් හඳුන්වා දීමට කැපවුණු සමාගමකි. තරුණ පරපුරේ ඡායාරූප කලාව තුළ ජනප්‍රියම අංගයක් වන Selfie ඡායාරූප වෙනුවෙන් වඩාත් සුදුසු කැමරා සහ තාක්ෂණයන් හඳුන්වා දීම නිසා OPPO ‘Selfie Expert’ විරුදාවලිය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ මෙන්ම සමස්ත අග්නිදිග ආසියානු කලාපයේම ජනප්‍රිය සන්නාමයක් බවට පත්වීමට සමත් විය. ඉන් අනතුරුව ඡායාරූප තාක්ෂණය සම්බන්ධයෙන් තවත් ඉදිරියට යමින් ප්‍රථම වරට Dual Rear Camera පද්ධතියක් සමග F9 දුරකථන හඳුන්වා දීමටද සමාගම කටයුතු කළේ ය. F11 දුරකථන මාදිලි පෙළ මෙම සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියටම රැගෙන යන අතර, එම OPPO කීර්තිනාමය Selfie Expert වෙතින් Brilliant Portrait වෙත මාරුවීම හරහා, OPPO F11 ඡායාරූප කලාවේ නව මානයක් සනිටුහන් කරනු ඇතැයි OPPO විශ්වාස කරයි.

F11 සහ F11 Pro දුරකථන වල ultra-high standard 48MP+5MP Dual Rear Camera පද්ධතියක්, F1.79 aperture, ball-bearing closed-loop VCM, 6P lens එකක් සහ 1/2.25-inch image sensors වැනි විශේෂාංග රැසක් ඇතුළත් වේ. මේ සියල්ල වඩාත් ආලෝකවත් ඡායාරූප ගැනීමට ප්‍රයෝජනවත් වන විශේෂාංගය. Day light සහිත පසුබිමකදී නම්, 48MP ultra HD ඡායාරූප ලබාදීමේ හැකියාව මෙම දුරකථනය සතුය. Low light අවස්ථා වලදී මෙහි ඇති ‘Tetracell technology’ මගින් දත්ත විශේල්ෂණය කර, සමීපයේ ඇති පික්සල් හතරක් එකතු කර 1.6μm තනි පික්සල් එකක් නිර්මාණය කරයි. එය photosensitive pixel එකක ප්‍රමාණය දෙගුණ කරන ක්‍රමයක් වන නිසා low light වලදී ගන්නා ඡායාරූප වඩාත් පැහැදිලි වේ.

නව දුරකථන මාදිලි හඳුන්වා දෙන අවස්ථාවේදී අදහස් දක්වමින් OPPO Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ පැවසී ය. “ජංගම දුරකථන ඡායාරූප කලාවේ පෙරළියක් ඇතිකළ සමාගමක් වන OPPO හඳුන්වා දෙන මේ OPPO F11 Pro දුරකථනය, ඡායාරූප කලාවේ නව මානයක් සනිටුහන් කරනු ඇතැයි කියා මා විශ්වාස කරනවා. 48MP Dual Rear Camera පද්ධතිය සහ අතිනවීන විශේෂාංග රැසක් සමගින් low light තත්ත්වයන් යටතේ පවා ‘Brilliant Portrait’ ඡායාරූප ගැනීමට හැකිවන නිසා මෙය කා අතරත් ඛෙහෙවින් ඇගයීමට ලක්වේවි. ඒ වගේම මෙය අලංකාරයත් චාම් බවත් මනාව මුසු වන ලෙස නිර්මාණය වී ඇති නිසා තාක්ෂණය හා සුන්දරත්වය යන අන්ත දෙක එක්තැන් කරන නිර්මාණයක් ලෙසත් මෙය හැඳින්වීමට පුළුවන්.”

F11 සහ F11 Pro දුරකථන වල Ultra-night mode සහ Dazzle color mode ද යොදා තිබේ. මෙය
ස්මාර්ට් ෆෝන් ඡායාරූප සඳහාම OPPO හඳුන්වා දී ඇති system-level optimization විසඳුමකි. මෙය
ඡායාරූපයට නැගීමට සූදානම් වන දර්ශනය ස්වයංක්‍රීයව හඳුනාගෙන ඒ අනුව අවශ්‍ය සීරුමාරුකිරීම්
සිදුකරයි. මෙය රාත්‍රී කාලයේ වඩාත් පැහැදිලි ඡායාරූප ගැනීමට උපකාරී වේ.

දෘඪාංග හා මෘදුකාංග වල ක්‍රියාකාරීත්වය මනාව ගැළපීම මගින් F11 සහ F11 Pro මාදිලි වල පසුපස
කැමරාවේ හැකියාවන් බෙහෙවින් වැඩි කිරීමට OPPO සමත් වී ඇත. මෙය තරුණ පරපුරට තම
ජීවිතයේ සොඳුරුම මතක සදාකාලික කරගැනීම සඳහා ඛෙහෙවින් වැදගත් වනු නොඅනුමාන ය.

“සංකීර්ණත්වයේ උපරිම ස්වරූපය සරල බව” යයි ඩාවින්චි වරක් පැවසී ය. මෙය සැබැවින්ම F11
Pro දුරකථනය විස්තර කිරීමටද යොදාගත හැකි ප්‍රකාශයකි. මෙහි panoramic තිරය යොදා ඇත්තේ
කැමරාව ආවරණය වන ආකාරයට නිසා එය ආකර්ෂණීය, ‘notchless’ තිරයක් බවට පත්වී ඇත. අඟල්
6.5 ක තිරයක් සහ 90.9% ක screen-to-body ratio අගය නිසා අනෙක් දුරකථන වලට සාපේක්ෂව
වඩාත් විශාල ලෙස ඡායාරූප දිස්වන අතර, වීඩියෝ නැරඹීම සහ වීඩියෝ ක්‍රීඩා වල යෙදීමද වඩාත්
පහසු වේ.

Gradient design සම්ප්‍රදාය ආරම්භ වූයේ OPPO F9 සමග වුවද, F11 දුරකථන මාදිලි පෙළ එය
තවදුරටත් ඉදිරියට රැගෙන යමින් ඊට ස්වාභාවික සෞන්දර්යය මුසු කරයි. මේ නිර්මාණ සංකල්පය
OPPO හඳුන්වන්නේ ‘Natural Creation’ යනුවෙනි. Thunder Black වර්ණය ස්වාභාවික ආලෝකයේ
රටා වලින් වර්ණ ආභාසය ලබා ඇත. අපූරු කළු වර්ණයක් නිර්මාණය කර, ඊට රතු සහ නිල් වර්ණත්
මුසු කර ඇති නිසා, එය රාත්‍රී ආකාශයේ උල්කාපාත වර්ෂාවක් සේ දිස්වේ. ඊට අමතරව Blue-green
gradient වර්ණ සංයෝගයකින් ඉතාම සුවිශේෂී Aurora Green වර්ණය නිර්මාණය කර ඇත.
ආලෝකය වැටෙන ආකාරය අනුව මෙම වර්ණ මුසුවී තවත් අලංකාර රටා රාශියක් මැවේ.

ජංගම දුරකථන යනු හුදෙක් සන්නිවේදන උපාංග නොව කලාත්මක නිර්මාණ බවට පත්විය යුතු බව
OPPO කවදත් විශ්වාස කරයි. මෙම නව දුරකථන පෙළද එම විශ්වාසය ඔස්සේ ‘Natural Creation’
සංකල්පය අනුව නිර්මාණාත්මක චින්තනය මෙහෙයවීමේ ප්‍රතිඵලයකි.

ඉහත විශේෂාංග වලට අමතරව, සාමාන්‍යයෙන් ස්මාර්ට්ෆෝන් වල ඇතිවන ගැටලූ ලෙස සැලකෙන
අධික ලෙස රත්වීම, මන්දගාමී වීම සහ ඉක්මනින් බැටරිය බැස යාම වැනි ගැටලූ වලට විසඳුම්
ලබාදීමටද OPPO මෙහිදී උත්සාහ දරා ඇත. එමෙනම් රේඛා මතු නොවන පරිදි සැලසුම නිර්මාණය
කර තිබීම මෙහි අලංකාරය තවත් වැඩි කරන සාධකයකි. OPPO F11 Pro හෝ යොදා ඇති ColorOS
6 ජනප්‍රිය ක්‍රීඩා වල යෙදීමට විශේෂයෙන් සුදුසු වේ. මීට අමතරව OPPO cloud හිදී පාරිභෝගිකයන්ට
5GB දක්වා අමතර මතක ධාරිතාවක් නොමිලේ හිමි වේ.

මෙහි අනෙක් මාදිලිය වන OPPO F11 මාදිලිය අඟල් 6.5 panoramic තිරයක් මෙන්ම 4GB RAM සහ
128GB ROM සමග පැමිණේ. 48MP+5MP Dual Rear Camera ඉදිරිපස කැමරා සහිත එයට VOOC flash charge 3.0 තාක්ෂණයද යොදා ඇත. 4020mAh බැටරියක් සහිත එහි ඇත්තේ කාර්යක්ෂම Color OS 6 මෙහෙයුම් පද්ධතියයි.

එමෙන්ම OPPO ශ්‍රී ලංකාව තුළ මාදිලි 4 ක් එකවර හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව මෙයයි. OPPO F11
සහ OPPO F11 Pro මාදිලි වලට අමතරව A5s සහ A1k මාදිලිද ඒ අනුව දියත් කෙරුණු අතර එම
මාදිලි දෙකෙහිද Waterdrop තිරය සමග 2GB RAM සහ 32GB ROM ඇතුළත් වේ. A5s මාදිලි වල
13MP + 2MP Dual Rear Camera පද්ධතියක්, 6.2″ HD waterdrop තිරය, A.I. Beauty තාක්ෂණය
සහිත 8MP ඉදිරිපස කැමරාව, 4230mAh බැටරියක් වැනි අංග ඇතුළත් වන අතර එහි ක්‍රියාත්මක
වනුයේ Colour OS 5.2 මෙහෙයුම් පද්ධතියකි.

A1k මාදිලි වල 5MP ඉදිරිපස කැමරාවක් සහ 8MP පසුපස කැමරාවක් ඇතුළත් වේ. ඉතා කාර්යක්ෂම
මෙහෙයුම් පද්ධතියක් වන ColorOS 6 මීට යොදා ඇත. එමෙන්ම එහි 4000mAh බැටරියක් සහ 6.1″
Waterdrop තිරයක් ඇතුළත් ය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *