ආණ්ඩුවේ සිටින ඉහළ නිලධාරීන්ට ප්‍රසිද්ධියේම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද ආණ්ඩුව ගෙන ඇති පියවරකට විරෝධය පළකරමින් ලිපියක් යැවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ මෙතෙක් කල් ක්‍රියාත්මක වූ මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමිනුයි.
පසුගියදා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා වෙත ලිපියක් යොමු කරමින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කොට එහි සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා වෙත ලිපියක් යොමු කරමින් වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී ඇත්තේ අදාළ ආයතනය අගමැතිවරයා යටතේ පවතින්නක් බැවින් ඒ සම්බන්ධ තීන්දු තීරණ ගත යුත්තේ අගමැතිවරයා විසින් බවත්, ජනාධිපති කාර්යාලය නොවන බවයි.
මෙම තත්ත්වය යටතේ ජනතාවගේ දැඩි විරෝධය ආණ්ඩුව වෙත එල්ල වීය හැකි බවට අනතුරු ඇගවීමක්ද නානායක්කාර මහතා විසින් සිය ලිපිය මගින් අගමැතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
මීට පෙර බන්දුල ගුණවර්ධන මහතාද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඉහළ නිලධාරීන් පිරිසක් විසින් ඇමැතිවරුන් පුලන්නන්ගේ තත්ත්වයට පත් කොට ඇති බව කියා සිටියා.
Aba vepuroovita aswenna Abamaya !