නාමල්ට එරෙහි නඩුවක් සැප්තැම්බර් 13 වනදා යළි කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක් සැප්තැම්බර් 13 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටිය දී ගවර්ස් කෝපරේට් සමාගමේ රුපියල් මිලියන 30ක ආයෝජනයක් සිදුකිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්විමේ පනත යටතේ වරදක් සිදුකළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුවේ සාක්ෂි විමසීම අවසන් වී තිබෙනවා. විත්තියේ සාක්ෂි කැඳවිමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට සුදානම් වන බව විත්තියේ නීතිඥවරුන් මීට පෙර දැනුම් දී තිබුණා.

ඉදිරි නඩු දින ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට ද නියෝග කෙරුණා.

මේ අතර ඉකුත් මාර්තු 9 වනදා පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතින් උල්ලංඝනය වු බවට ඉදිරිපත් වු මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන 26වනදා තෙක් කල්තැබුවා. ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානයයි එම පෙත්සම් ඉදිරිපත් කළේ. පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වෙනත් නඩුවකට සහභාගී වීම හේතුවෙනුයි පෙත්සම් සලකා බැලීම කල්තැබීමට තීරණය කෙරුණේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *