ඔටාවා ඛේදවාචකය – අවසන් කටයුතු හෙට

කැනඩාවේ ඔටාවා නුවරට තදාසන්න බාහීවන් ප්‍රදේශයේ සිය නිවසේ දී ඝාතනයට ලක්වූ ලාංකික පවුලේ සාමාජිකයින්ගේ අවසන් කටයුතු හෙට (17) සිදුකිරීමට නියමිත බව දැනුම් දී තිබේ.

කැනඩාවේ බෞද්ධ කටයුතු කොංග්‍රසය විසින් මෙම කටයුතු සංවිධානය කර ඇති අතර එරට ‍වෙලාවෙන් පස්වරු 01.00 එම කටයුතු සිදුකරන බව සඳහන් වේ.

එය බහු ආගමික, මහජනයා සඳහා විවෘත කටයුත්තක් ලෙස සංවිධානය කර ඇත.

අවසන් කටයුතු සඳහා ප්‍රහාරයකට මුහුණ දුන් එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ද සහභාගීවීමට නියමිතය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *