ඉඩම ලියා ගන්න දියණිය ‘යතුරු පැදිය අම්මාගේ ඇඟ උඩින්’ ධාවනය කරලා

ඉඩමක් සම්බන්ධයෙන් කෝලාහලයක් දුරදිග යෑමෙන් පසුව දියණිය විසින් තමන් සතු යතුරුපැදිය පණ ගන්වා ඇඟ උඩින් ධාවනය කිරීම නිසා බරපතළ තුවාල ලද මවක් පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පානදුර ගුණානන්ද හිමි වාදභූමියට ආසන්නව නිවෙසක ජීවත් වූ දෙදරු මවක් මෙලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

සැකකාර වැඩිමහල් දියණිය වයස අවුරුදු 36 ක් පමණ බවත් ඇය පානදුර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ නීතිඥවරයකුගේ ලිපිකාරිනියක ලෙස සේවය කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

“දරුවන් දෙන්නම මට එකයි. ලක්‍ෂ 80 කට ගේ විකුණනවා කියලා ලොකු දුව කිව්වා. මම ඒකට විරුද්ධ වුණා. පොඩි නංගිට සාධාරණයක් විය යුතු බව මම කිව්වා. අසමගි වුණු පවුල පවා අපි සමගි කළා. එයාලාගේ සතුට අපේ සතුටයි. සියලූ දෙනා සමගියෙන් ඉන්න ඕන. ලොකු දුව ගේ හදන්න පටන් ගත්තා. බාස්ට කිව්වා මගේ ගේ ළඟින්ම තාප්පය ගහන්න කියලා. මම කිව්වා බුදු පුතේ මම වඳින්නම් මට අඩි 2 ක් දීපන් කියලා. පස්සේ ලොකු දුව අත්තිවාරම දාලා. මම දොර අරිනකොට තාප්පෙ වදින්නේ මූණේ. පස්සේ මෙයාලා තාප්පෙ කඩලා. ලොකු දුව මෙයට පෙරත් මාව යටකරන්න හැදුවා. මම ගෙදර පදිංචියට ආවා. ඒ අතරතුර තමයි මේ සිද්ධිය පටන් ගත්තේ.

උඹ හිතේ තියා ගණින් උඹට මැරෙනකන් විතරයි මේ ගෙදර ඉන්න පුළුවන් කියලා. ලොකු දුව මගේ ළඟට කොළයක් විසි කළා. මට බය හිතුණා. දුව එක පාරටම යතුරුපැදිය පණ ගන්වලා තෝව මරනව කියලා මගේ ඇඟ උඩින් ගියා. මාව වැටුණා. මම කිව්වා මරපං මාව කියලා. මගේ කෙස් වැටියෙන් අල්ලාගෙන බඩට පයින් ඇන්නා පස්සේ මට ක්ලාන්තයක් ආවා.” යනුවෙන් එම මව පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *