‘‘කැවුමා’’ නවාතැන් ගෙන සිටි නිවසේ හිමිකරු 119 හදිසි ඇමතුම් අංකයට අමතලා

මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙකු බව කියන කැලූම් ඉන්දික සම්පත් නොහොත් “කැවුමා” නමැත්තා නවාතැන් ගෙන සිටි නිවසේ හිමිකරු විසින් තවත් අනාවරණයක් සිදු කර තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට පත්වීමත් සමග මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසු මොහු සිය නිවෙසේ නවාතැන් ගෙන සිටි බවට 119 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලබා දුන් බවයි නිවෙසේ හිමිකරු පවසා ඇත්තේ.

පසුව ඒ සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක වී ඇති නමුත්, එම නිවෙසට පොලීසිය නොපැමිණි බව හෙළි වී තිබෙනවා. කෙසේවෙතත් ඉන් දින කිහිපයකට පසු සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලින් පසු ඔහු නවාතැන් ගෙන සිටි නිවෙස වැටලීමට පොලිස් විශේෂ කාර්යය බලකාය ඊයේ (11) කටයුතු කළා. ඒ, මාකඳුරේ මදූෂ්ට අයත් නිවෙසක් මොරටුවේ පවතින බවට ලද තොරතුරකට අනුවයි.

කැලූම් ඉන්දික සම්පත් නොහොත් “කැවුමා” මෙම නිවසේ පහත මාලය කුලියට ගෙන තිබෙනවා. ඒ සඳහා කුලි මුදල් ලබා දී ඇත්තේ මාකඳුරේ මදූෂ් විසින්. සැකකරු එහි හිමිකරුට රුපියල් ලක්ෂයක අත්තිකාරම් මුදලක් ද ලබා දී තිබෙනවා. මෙම නිවසේ මාසික කුලිය රුපියල් 25,000ක් බවයි අනාවරණ වී ඇත්තේ. සැකකරු විසින් පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම නිවෙස කුලියට ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *