ගෙදර සාදයට පැමිණි ‘කොඩිඩ් රෝගියා නිසා’ පාදෙණිය ස්වයං නිරෝධායනයට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ද ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා.

ඒ, ඔහුගේ නිවසේ පසුගියදා පැවති රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වූ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟයි.

 

කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයෙකු ඔහුගේ රාත්‍රී සංග්‍රහයට එක්ව සිටි බව පසුව හෙළි වුණා.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ඊයේ (13 වැනිදා) රාත්‍රී 7.45 ට පමණ පැමිණ ඔහු නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වුවද එය ව්‍යර්ථ වී ඇති බව සඳහන්.

ඊට හේතුව වී ඇත්තේ වෛද්‍යවරයා ගේට්ටුව විවර නොකිරීම හා නිවසේ විදුලිය විසන්ධි කිරීමයි.

මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්ව කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වෙත දැනුම් දී තිබේ. ඇය ප්‍රකාශ කර ඇත්තේ අද (14 වැනිදා) උදෑසන ගොස් නිරෝධායන කටයුතු සිදුකරන ලෙසයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *