තහනම් කරන ලද ඉස්ලාමීය සටන්කාමී සංවිධානවල සාමාජිකයන් 44 දෙනකු පාකිස්තානය විසින් පොලිස් භාරයට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පොලිස් අත්අඩංගුවට පත්වූ පිරිස අතර ඉන්දීය හමුදා රථ පෙළට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර්ගේ සමීප ඥාතීන් ද සිටින බව එහි දැක්වෙනවා.
පසුගිය මස 14 වැනිදා ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40ක් ජීවිතක්ෂයට පත්වුණා.
පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබුණා.
පාකිස්තානය ත්‍රස්තවාදී කණ්ඩායම් සහ සටන්කාමීන් මර්දනය කිරීමට කිසිවක් නොකරන බවට ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තරයෙන් පසුගිය කාලයේ චෝදනා එල්ල වූ අතර පාකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කළා.