අද (01) පස්වරු 06.30 සිට සිය ගුවන් අවකාශය යලි විවෘත කිරීමට පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර ගැටුම්කාරී වාතාවරණයත් සමඟ පසුගිය 27 වනදා සිට එම ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට පාකිස්ථාන බලධාරීන් පියවර ගෙන තිබුණා.
මේ හේතුවෙන් පාකිස්ථානය ආශ්‍රිත ගුවන, ගුවන් ගමන්වලින් තොර කලාපයක් බවට පත්ව තිබූ අතර මේ හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් අඩාල වුණා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද මේ හේතුවෙන් කරච්චි දක්වා ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවා.
එහෙත් පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් එළඹෙන ලබන සඳුදා දින තෙක් ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය අද (01) නිවේදනය කර සිටියා.
පාකිස්ථාන ගුවන් කළාපය ඉකුත් 27 වනදා දින සවස සිට වසා දමා ඇති අතර මේ නිසා මුළු ලොවේම රටවලට පාකිස්ථානය ඔස්සේ ගුවන් ගමන් මෙහෙය වීම අත් හිටුවීමට සිදු වී තිබේ.