ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ගේ ගුවන් යානයට පාකිස්ථාන ගුවන් සීමාව හරහා පියාසර කිරීමට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් පාකිස්ථානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂාහ් මොහොමුද් කුරේෂී ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ මෑත කාලීන හැසිරීම් ඊට හේතුවී ඇති බවයි.
ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් අනිද්දා සිට ආරම්භ කිරීමට නියමිත අයිස්ලන්ත, ස්විස්ටර්ලන්ත සහ ස්ලෝවේනියානු සංචාරය සඳහා පාකිස්ථාන ගුවන් සීමාව භාවිත කිරීමට මෙලෙස අවසර ඉල්ලා තිබුණා.
ඒ ජම්මු හා කාශ්මීර ප්‍රදේශයට ලබාදී තිබූ විශේෂ තත්ත්වයන් ඉවත් කිරීමට ඉන්දියාව ගත් තීරණයත් සමඟ දෙරට අතර උත්සන්න වූ මතභේදාත්මක තත්ත්වය හමුවේයි.