පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා ඛාන්ට එරට අධිකරණයක් මගින් විවාහ නීති උල්ලංඝණය කළ බවට වන චෝදනාවට වසර 7ක සිර දඩුවම් නියම කර තිබෙනවා.
ඒ ඔවුන් 2018 වසරේදී රහසිගතව විවාහ වීමේ දී අවශ්‍ය කරුණු සම්පූර්ණ නොකළ බවට පවසමින්.
එම වරදට අදාළව එක් අයෙකුට පාකිස්ථාන රුපියල් පක්ෂ 5 බැගින් දඩ මුදලක්ද අධිකරණය විසින් නියම කර තිබෙනවා.