පාකිස්ථාන තරඟාවලියට සහභාගි නොවන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අක්තාර් දොස් පවරයි

පාකිස්තානයත් සමග පවත්වන්නට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රීඩකයන් රැසකගේ සහභාගිත්වයෙන් තොරවයි. මේ සම්බන්ධයෙන් එම ක්‍රීඩකයන් කෙරෙහි තම අප්‍රසාදය පළ කරමින් හිටපු පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් විසින් ට්විටර් පණිවුඩ කීපයක් පළ කොට තිබෙනවා.

ඔහු පවසන්නේ පාකිස්තානය කවදත් ශ්‍රී ලංකාවට සහය දැක්වූ බවත් පාස්කු ප්‍රහාරයෙන් පසුවත් ආරක්ෂාව ගැන නොසිතා පාකිස්තාන 19න් පහළ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවූ බවත්. එමෙන්ම 96 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට ඉන්දියාව හා එක්වී තම රටේ ක්‍රීඩකයින් ලංකාවට පැමිණි බවත් ඔහු මතක් කරනවා.

මේ නිසා එයට ප්‍රති උපකාරයක් වශයෙන්වත් අදාළ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට සහභාගී විය යුතුව තිබුණු බව කියමින් ඔහු තම කනස්සල්ල පළ කරනවා. එම ට්විටර් පණිවුඩ පහතින්.