පාකිස්තානය සහ ඉන්දියාව අතර මතු වී ඇති උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් ට්විටර් පණිවුඩයක් මගින් අදහස් දක්වා තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ, “ඉන්දියාව සහ පාකිස්තානය සතුරන් නොවන අතර දෙරට අත්වැල් බැඳගෙන ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කළ යුතු” බවයි.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කරන සමයේ වසීම් අක්‍රම් උප නායකයා ලෙස ක්‍රියා කළා.
හිටපු ක්‍රිකට් නායක වසීම් අක්‍රම්ගේ ට්විටර් පණිවුඩය පහතින් කියවිය හැකියි.