බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන දෙමටගොඩ චමින්ද නැමැති පුද්ගලයාගේ සහෝදරයාගේ නිවස පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (28) පස්වරුවේ පරික්ෂාවට ලක් කළා.
මෙම නිවසේ සිටි දෙමටගොඩ චමින්දගේ සහෝදරයා වන අවුරුදු 42ක් රුවන් චමිල ප්රසන්න ඇතුළු සැකකරුවන් 8ක් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම නිවසේ තිබූ අවි ආයුධ ,අශ්ව බල 1000 යතුරු පැදියක්, කොකේන් , නවීන මෝටර් රථයක්, නවීන ජීප් රථ දෙකක් හා මුදලින් රුපියල් ලක්ෂ 50ක් පමණ සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.
එම භාණ්ඩවල ඡායාරූප මේ සමග දැක්වෙනවා.