පන්නල පෙදෙසක් හුදෙකලා කෙරේ

පන්නල ඇලබඩගම නැගෙනහිර ග්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත හුදෙකලා කර තිබෙනවා.

සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ මෙහි පවුල් 20 කට අයත් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් පදිංචිව සිටින බවයි.

ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ හෙට (21) සිදුකරන බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

නිරෝධායනය වෙමින් සිටි 98 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ පසුගියදා සිදු කෙරුණු අතර එම පිරිසගෙන් එක් කාන්තාවක් ආසාදිතයකු ලෙස තහවුරු වීමත් සමඟ ඇය පදිංචිව සිටි මෙම මාවත මෙසේ හුදෙකලා කර තිබෙනවා.

අවුරුදු 31 ක් වන දෙදරු මවක් වන ඇය පදිංචි ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වී ඇති බව පැවසෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *