විදුලිබල මණ්ඩලයේ සියලු වියදම් ජනතාව මත පැටවීම යුක්තිසහගත නෑ – පාඨලී

විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය, දූෂණය වැනි දේ සම්බන්ධයෙන් මූලික ඇගයීම් නොකර එහි දුර්වලතා සහ සියලු වියදම් ජනතාව මත පැටවීම යුක්ති සහගත නැතැයි, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

විදුලි බිල ඉහළ දැමීම සමාජ සාධාරණත්ව මූලධර්මය උල්ලංඝණය කරන්නක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වසර 10 කින් පමණ විදුලි බිල වැඩි නොතිබීම සහ ඉන්ධන මිල ඉහළ යාම ආදිය නිසා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම සත්‍යයක් වුවත් මිල වැඩිවීම තීරණය කිරීමේදී එක සමාජ සාධාරණත්වයේ මූලධර්ම භාවිතා කරන ලෙස තමන් මහජන උපයෝගිතා කොමිසම හමුවේත් ප්‍රකාශ කළ බව කී පාඨලී චම්පික රණවක මහතා, අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන අය සමාජයට කරන්නේ සේවයක් බැවින් වැඩි ඉල්ලුමක් ඇති අයට බර තබන විදුලි වැඩිවීමක් සිදු කරන ලෙස තමන් එහිදී යෝජනා කළ බව ද කීවේය.

අවසාන වතාවට ලංකා විදුලිබල මණ්ඩලය ලාභ උපයන ස්ථානයක් බවට පත්කළ 2015 දී විදුලි බිල සඳහා මාස හයෙන් හයට විධිමත් මිල සූත්‍රයක් හඳුන්වාදීමක් සිදුකළ නමුත් එය ක්‍රියාත්මක නොවූ බව කී මන්ත්‍රීවරයා මේ අවස්ථාවේදීත් විධිමත් මිල සූත්‍රයකට යාම සඳහා අවශ්‍ය කාර්යක්ෂමතා කඩයිම් හඳුන්වලා දී තිබෙන බව ද පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *