පාඨලී ,හකීම්, මනෝ සහ දිගම්බරන් රනිල්ව අතහරී – තීන්දුව ස්ථිරයි

බිහිකිරීමට නියමිත නව සන්ධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම සුළු පක්ෂවල නායකයන් තීන්දු කර තිබෙනවා.

ඊයේ (17) දහවල් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මෙම රැස්වීමේදී පක්ෂ නායකයන් එම තීන්දුවට එළැඹ තිබුණා.

ඊට චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් යන මහත්වරු සහභාගි වී සිටියා.

මීට අමතරව කරු ජයසූරිය මහතා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නායකයන් එම සන්ධානයට එක්කර ගැනීම සඳහා වහාම සාකච්ඡා ආරම්භ කිරීමටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ඉදිරියට පිලි නොගැනීමටත් මෙහිදී තීන්දු කොට තිබෙනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.