කොරෝනා ආසාදිතයා සමග වාට්ටුවේ සිටි අයෙක් මරුට – අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුව සිදු වේ

හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02) මියගිය කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු නොවූ පුද්ගලයෙකුගේ මළ සිරුර ද නිරෝධායන නීතියට අනුව හෝමාගම නියදගල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට කටයුතු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා සඳහන් කළා.

මියගිය පුද්ගලයා කළුබෝවිල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ඔහු ප‍්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීම නිසා අදාල වාට්ටුවෙහි ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 21 දෙනෙකු ඉකුත් දා හෝමාගම රෝහල වෙත මාරු කර එවා තිබුණි.

පසුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදු කළ පළමු පරීක්ෂණයේදී අදාලා පුද්ගලයාට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට වාර්තා වුව ද තවත් පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට තිබියදී එම රෝගියා මියගොස් තිබෙනවා.

මෙම රෝගියා ප‍්‍රතිකාර ලබන සමයේදී කොවිඩ් 19 බවට සැකකළ හැකි රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කර තිබූ හෙයින් මෙලෙස නිරෝධායන නීතිය අනුව අවසන් කටයුතු සිදු කරන ආකාරයෙන්ම අවසන් කටයුතු සිදු කර ආදාහනයට පියවර ගත් බවද වෛද්‍ය ජගත් කුමාර මහතා සඳහන් කර සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *