ඉන්දු ඇමරිකාව සාකච්ඡාවලදී ඇෆ්ගනිස්තාන සාමයත් ප්‍රධාන තේමාවක් වෙයි

ලබන සතියේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ඉන්දීය නායකයන් අතර පැවැත්වෙන සාකච්ඡාවලදී ඇෆ්ගනිස්තානයේ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.

ඇමරිකානු වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්ප්සන් සදහන් කළේ ඇෆ්ගනිස්තානයේ ගැටලු සම්බන්ධයෙන් ස්ථිර සහ ඵලදායි විසදුමක් ඇති කර ගැනීමට අසල්වැසි රාජ්‍ය සමග සාකච්ඡා කිරීම අතිශය වැදගත් බවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බිලින්කන් ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහිදී ඔහු අගමැති නරේන්ද්‍ර මෝදි ,විදේශ අමාත්‍ය එස් ජයිශංකර් ඇතුළු ඉහළ⁣ පෙළේ ඉන්දීය නායකයන් හමුවීමට නියමිත බවයි.

මෙම සාකච්ඡාවලදී ඇෆ්ගනිස්තානයේ තත්වයට අමතරව ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව , සයිබර් ආරක්ෂාව ,මෙන්ම ත්‍රස්තවාදයට ප්‍රතිචාර දැක්වීම යන කරැණු සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරෙන බව වාර්තා වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *