ජනතාව තවමත් පෝලිමේ – පොලීසියේ බූලිවලට තෙල් පිරේ

මනම්පිටිය ඉන්ධනහලට දින දොළහකට පසු පෙට්‍රල් ලැබීමත් සමඟ දැඩි උණුසුම්කාරී තත්වයක් හටගත්තා.

ඒ රාජ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීමත් සමගයි. අනතුරුව පොලිසිය මැදිහත් වී රාජ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීමටයි කටයුතු කළේ.

දින ගණනාවක් පෝලිමේ රැඳී සිටි පොළොන්නරුව මැදිරිගිරිය ජනතාව ඉන්ධන ඉල්ලා අද උද්ඝෝෂණයේ නිරත වුණා.

ජනතාව සති ගණන් දින ගණන් පෝලිම්වල රැඳී සිටියත් ගම්පහ ඉන්ධන පිරවුම්හලේදී පොලිස් ජීප් රථයකට බූලිවලට ඉන්ධන ලබා දුන්නේ ආකාරය කැමරාවක සටහන් වී තිබුණා.

මේ අතර පෝලිම් වල නොසිට බලෙන් තෙල් ලබා ගන්නා කණ්ඩායමක් පිළිබඳව අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

බලපත්‍රයක් නැතිව අනාරක්ෂිත ලෙස ඩීසල් ගබඩා කර අලෙවි කර පුද්ගලයෙකු මීරිගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදත් දිවයින පුරා ම ඉන්ධන ගන්න ජනතාව තවමත් පෝලිමේවල.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *