සුළං විදුලි බලාගාරයක කේබල් කපා රැගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට

තලෙයිමන්නාරම ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින සුළං විදුලි බලාගාරයට අයත් කේබල් තොගයක් කපා රැගෙන ගිය පුද්ගලයන් 7 දෙනකු අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර සුළං විදුලි බලාගාරයේ ආරක්ෂාවට සිටින පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් ද සිටි බවටයි පොලිසිය සදහන් කළේ.

අදාල සැකකරුවන් සුලං විදුලි බලාගාරයෙන් කේබල් මීටර් 340 ක් පමණ කපා රැගෙන ගොස් ඇති බවයි අනාවරනය වී තිබුණේ.

විදුලි මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික සමාගමක් විසින් මෙම සුළං විදුලි බලාගාරය ඉදි කරමින් පවතින අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවට පරික්ෂණ සිදුකරන තලෙයිමන්නාරම පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *