කොල්ලුපිටියේ ‘මුඛ ආවරණ නැති පිරිසක් අල්ලා ගෙන ‘ උසාවි ගෙන යයි – නියම කළ දඩ මුදල් මෙන්න

මුඛ ආවරණ (ෆේස් මාස්ක්) නොමැතිව සමාජ ශාලාවක රැඳී සිටිමින් ජීවිතයට අන්තරායකර රෝගයක් වන කොරෝනා වයිරසය පැතිරවිය හැකි ද්වේෂ සහගත ක්‍රියාවක් සිදුකළාය යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් 4දෙනකුට සහ පිරිමින් තිදෙනකුට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා රුපියල් 1500 ක් බැගින් ඊයේ (15) දඩ නියම කළා.

කොල්ලුපිටිය පොලිසිය මඟින් අදාළ පිරිස අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර ඔවුන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා වූයේ ජීවිතයට අන්තරායකර රෝගයක් වන කොරෝනා වයිරසය රෝගය පැතිරවිය හැකි ද්වේෂ සහගත ක්‍රියාවක් සිදුකිරීමයි.

සිද්ධිය සම්බන්ධයෙන් එකී පිරිස අධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ට දඩ නියම කළා. කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දන්වා සිටියේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි අදාළ සමාජ ශාලාව තුළ කොරෝනා මර්දනයට අදාළ සෞඛ්‍ය නීති කිසිවක් නොපිළිපදිමින් අදාළ පිරිස රැඳී සිටි බවයි.

මේ අතර නිරෝධායන නීති කඩකිරීම සහ නිරෝධායන නීති නොපිළිපැදීම සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කළ තවත් කාන්තාවකට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා රුපියල් දෙදහසක දඩයක් නියම කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *