කෝවිල ඉදිරිපිට ගිනි තබා ගනී

අද (13 ) උදෑසන යාපනයේ පේදුරුතුඩුව මුත්තු අම්මාන් කෝවිල ඉදිරිපිටදී නාඳුණන පුද්ගලයෙකු ඔහුගේ සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිණි දල්වා සියදිවි හානිකරගැනීමට උත්සහ කොට තිබෙනවා.

ඔහුගේ සිරුරට ගිණි ඇවිළීමත් සමගම අවට සිටි පිරිසක් ගින්න නිවා දමා අදාල පුද්ගලයාව ගිලන් රථයක් ගෙන්වා ගෙන පේදුරුතුඩුව රෝහලට යැවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිලිබදව පොලීසිය පරීක්ෂණ පවත්වද්දී හෙළි වී ඇත්තේ කෝවිලට ආසන්නයේ පිහිටි වෙළද සැලකින් ඔහු උදෑසන භූමිතෙල් බෝතලයක් මිලට ගෙන ඇති බවයි.

මෙම පුද්ගලයා බරපතල තුවාල සහිතව රෝහල් ගත කොට තිබුණද ඔහු ස්වල්පවේලාවකින් රෝහලෙන් පැනයාමට තැත් කළ බවද පොලීසිය සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *