මොරටුවේ රිය අනතුරෙන් මිය ගිය පුද්ගලයාට කොරෝනා : රෝහලට ගෙන ගිය පොලිසියේ නිලධාරින් නිරෝධායනයට

රාවතාවත්තේදී රිය අනතුකට ලක්ව මහ මග වැටී සිටි කොරෝනා ආසාදිතයකු රෝහලට ගෙන ගිය මොරටුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පස් දෙනෙකු ස්වයං නිරෝධානයට ලක් කළ බව පොලිසිය පවසනවා.

පසුගිය දා මොරටුව රාවතාවත්ත කහ ඉර මත දී පුද්ගලික බස් රථයක ගැටී 69 හැවිරිදි පුද්ගලයෙකු වැටී සිට ඇති අතර ලැබුන දුරකථන ඇමතුමකට අනුව පොලිසිය එහි යනවිටත් අනතුරට ලක් වු අය රෝහලට ගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපත්ව සිට නැත.

පොලිස් රථවාහන අංශ නිලධාරින් විසින් අනතුරට ලක් වු අය සිය පොලිස් ජංගම රථයෙන් පානදුර මුලික රෝහලට ගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔහු මියගොස් සිට ඇත.

මියගිය අයගේ මෘත දේහය ඔහුගේ ඥාතින් වෙත බාර දීමට පෙර රෝහලේදී සිදුකල පී සී ආර් පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිත ලෙස වාර්තා පළවීම නිසා ආශ්‍රිත පොලිස් නිලධාරින් ස්වයං විරෝධයට ලක් කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ.

අදාළ මරණකරු පානදුර පොදු ආදාහනාගාරයේ කොවිඩ් නීතිරීතිවලට අනුව ආදාහනය කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ පැවසීය.එමෙන්ම මරණකරුගේ නිවැසියන් වන දූ දරුවන් සහ බිරිඳ යන තුන් දෙනෙකු සඳහා පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් තිදෙනා ආසාධිතයන් නොවන බවද සෞඛ්‍ය පැවසීය.

මරණකරු පුද්ගලික ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පුද්ගලයකු වන අතර ඔහු පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

You May also like

1 Comment

  1. Peana hetiyata warada bus eke

Leave a Reply

Your email address will not be published. Required fields are marked *