ති‍්‍රකුණාමලයේ එක තෙල් ටැංකියක්වත් සංස්ථාවට ලබා ගන්න බැහැ

මෙරට භාවිතය සඳහා ඉන්ධන ගබඩා කිරීමට ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයෙන් එක ටැංකියක්වත් තෙල් සංස්ථාවට ලබාගත නොහැකි යැයි ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා ඊයේ (18දා) පැවසීය.

ති‍්‍රකුණාමලය වරායට අයත් භූමියේ තෙල් ටැංකි 99 ක් තිබෙන බවත් එයින් ටැංකි 15 ක් ඉන්දියන් ඔයිල් සමාගම භාවිතයට ගෙන තිබෙන බවත් ඔහු කීය. ඉතිරි ටැංකි 84 ත් බදු ගිවිසුම අනුව ඉන්දියාවට අයත් බවත් එම ටැංකි තෙල් සංස්ථාව සමග සංවර්ධනය කර භාවිතයට ගැනීමට ඉන්දියාව එකඟ වී ඇත්තේ මෙරට තෙල් භාවිතා කිරීමට නොව වෙනත් රටවල්වල තෙල් ගබඩා ලෙස පවත්වාගෙන යෑමට බව ද පාලිත මහතා කීය.

බදු ගිවිසුම අනුව 2035 වසරේදී තෙල් ටැංකි මෙරටට අයත් වීමට නියමිත නිසා ඉතිරි තෙල් ටැංකි ඉන්දියාව අලූත්වැඩියා කර භාවිතයට නොගන්නා බව ද ඔහු පැවසීය. තෙල් සංස්ථාව මේ වනවිටත් රාජ්‍ය බැංකු දෙකකට රුපියල් බිලියන 600 ක් ණය බවත් වෙනත් රටවලින් ලබාගත් ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 1500 කට ආසන්න බවත් ඔහු කීය. තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකට රුපියල් බිලියනය බැගින් මාසික පොලියක් ගෙවන බව ද ඔහු කියා සිටියේය.

මේ වනවිට රාජ්‍ය බැංකු දෙක ද තෙල් ලබා ගැනීම සඳහා තෙල් සංස්ථාවට මුදල් නොදෙන තත්ත්වයක් සහ විදෙස් ආයතන ණය ලබා නොදෙන තත්ත්වයක් උදාවී ඇතැයි ද ඔහු අවධාරණය කළේය.

මෙවැනි තත්ත්වයක් හමුවේ ඉදිරියේදී මුදල් ලබාදී තෙල් ගෙන්වීමට සිදුවන නිසා ඉන්ධන මිලේ ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකි යැයි ද ඔහු කීය.

මේ වනවිට තෙල් සංස්ථාව තෙල් බැරලයක් ඩොලර් 60 කට නොගන්නා බව කී පාලිත මහතා පෙට‍්‍රල් ලීටරයක් සියලූ වියදම් දරා රුපියල් 88 ක් වැනි මිලකට ලබාදීමේ හැකියාව තිබියදී මහජනතාවට ලීටරයක් රුපියල් 137 කට ලබා දෙන බව ද ඔහු කීය.

එවැනි තත්ත්වයක් තිබියදී තෙල් සංස්ථාව පාඩු ලබා බංකොලොත් භාවයට පත්ව සිටී නම් අලූතෙන් තෙල් ටැංකි ඉදිකිරීම ගැන කතා කිරීම විහිළුවක් බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.

You May also like

1 Comment

  1. These tanks are 75 years old
    in a dilapidated condition.
    Tanks have to be inspected every 19yrs
    As I have involved in petrochemical industry
    for 35 yrs , involved in inspection etc.
    More than 80 tanks covered in jungle?
    They must do a project report
    to see the condition

Leave a Reply

Your email address will not be published. Required fields are marked *