ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 6ක් මියන්මාරයට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.
ඊට අදාළ ගිවිසුමට එළඹෙන සතියේදී අත්සන් තැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීම මත මෙම පරිත්‍යාගය සිදුකෙරේ.
කොවිඩ් – 19 වෛරසය මර්ධනය වෙනුවෙන් එන්නත් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගය ඉදිරි මාස දෙක ඇතුළත කල් ඉකුත් වීමට නියමිතය.