මහනුවර වැව රවුමේත් ‘රැල්ලට චිත්‍ර ඇන්ද අයට’ වෙච්ච වැඩේ (Photos)

රට පුරා විවිධ ස්ථානවල මාර්ග ආශ්‍රිතව චිත්‍ර ඇඳීම මේ වන විට රැල්ලක් බවට පත්ව ඇති අතර මහනුවර වැව රවුමේ ද චිත්‍ර ඇඳීමක් ආරම්භ කර තිබුණා.

මහනුවර වැව රවුමේ මේ වනවිට අඳින ලද චිත්‍ර නැවතත් සුදු වර්ණයෙන් පාට කරන ලෙසට නගර සභාවෙන් දැනුම්දී ඇති අතර ඒ නුවර වැව රවුමේ එලෙස චිත්‍ර ඇඳීම තහනම් වී තිබීම නිසයි.

කෙසේ නමුත් නුවර වැව රවුමේ මෙලෙස චිත්‍ර ඇඳීම සම්ප්‍රධායිකව තහනම් වූ කරුණක් වන අතර එහි පෝස්ටර ඇලවීම ද තහනම් කරුණක් වනවා.

වැව රවුම බිත්ති පෙර පැවති ලෙස සුදු පැහැ ගැන්වූ අතර සොරොව්වේ ඇතුළත ගමන් කරන කොටසේ හා හා නාගරික රථගාල පෙදෙසේ පමණක් චිත්‍ර ඇඳීමට අවසර ලබාදී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *