පිල්ලෙයාන්ට ඇමති තනතුරක් ?

ඉදිරි මහ මැතිවරණයෙන් පසු තමනට ඇමැති ධුරයක් ලබා දීමට පොරොන්දු වී ඇති බව පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පැවසූ බව ඩේලි මිරර් පුවත්පතට සඳහන් කර තිබෙනවා.

දැනට බන්ධනාගාරගතව සිටින ඔහු සඳහන් කර ඇත්තේ මැතිවරණය ජයග්‍රහණය කලහොත් ස්ථිර වශයෙන් ම තමන්ට ඇමති ධූරයක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවයි.

නැගෙනහිර පලාත නියෝජනය කරමින් මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා දී ඇති ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ හිටපු දෙමළ සන්ධාන මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනුයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *