මරණ දඬුවම නියම වූ ‘චොකා මල්ලි බේරගන්න ‘ පොහොට්ටුවේ සැළසුමක්

අධිකරණය විසින් මරණ දඩුවම නියම කරන ලද රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නිදහස් කර ගැනීම සඳහා සියලු කටයුතු කරන බව එම දිස්ත්‍රික් අපේක්ෂක ජානක වක්කුඹුර මහතා සඳහන් කරනවා.

ඉදිරි දින කිහිපයේදී නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බවද ඔහු පවසනවා.

ඔහු රත්නපුර දිස්ත්‍රික්කයට විශාල වැඩකොටසක් සතු නායකයෙක් බවත් එනිසා අදාළ දඬුවමින් නිදහස් කර ගැනීම සඳහා ඇප කැපවී කටයුතු කරන බවද වක්කුඹුර මහතා සඳහන් කර සිටියා.

ඔහු මේ බව කියා සිටියේ ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

2015 වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර හිටපු මන්ත්‍රීවරයා වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *