අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය රජමහ විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් ඊයේ (01දා) පැවැති එම දායක සභා රැස්වීමේදී සම්මත වූ බව දායක සභාවේ ලේකම් සමන් රණසිංහ මහතා පැවැසීය.
දායක සභාව වෙත ඉදිරිපත් වූ යෝජනාව තමා විසින් ස්ථිර කරන ලද බවද සභාවේ සමලේකම් සමන් රණසිංහ මහතා සඳහන් කළේය.
යෝජනාවට විරුද්ධව හත්දෙනකු ඡන්දය පාවිච්චි කළ බවත්, සියයත්, එකසිය පනහත් අතර පිරිසක් යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ බවත් සමන් රණසිංහ මහතා පැවැසීය.
රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දායක සභාවේ කටයුතු හරිහැටි ඉටු නොවන බවත්, වෙනත් සුදුසු අයකු දායක සභාවේ සභාපති තනතුරට පත්කළ යුතු බවත් සඳහන් කරමින් මෙම යෝජනාව ඉදිරිපත් වූ බවත් දායක සභාවේ සමලේකම්වරයා සඳහන් කළේය.
කෙසේ වුවද කැලණිය රජමහ විහාරයේ විධායක සභාව රැස්වී මේ පිළිබඳව තීරණයක් ගනු ලබන බවද සමන් රණසිංහ මහතා පැවැසීය.
කැලණිය රජමහ විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේගේ මූලාසනයෙන් මෙම දුරුතු පෙරහර කමිටුවේ ප්‍රථම සමිතිය පැවැත්වී ඇත. මෙම සමිතියට කැලණිය විහාරස්ථ බස්නායක නිලමේතුමා හා සම ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මේ අතර ආරංචි මාර්ග සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ අදාළ තනතුරින් ඉල්ලා අස්වූ බවයි.