ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියෙකුට පහර දී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් තිබෙනවා.
ඡායාරූප ශිල්පියෙකු වූ සාගර ලක්මාල්ට මෙලෙස පහර දී ඇති බවට සඳහන් වන නිසා truenews.lk වෙබ් අඩවිය ඔහුගෙන් මේ පිළිබඳව කරුණු විමසා සිටියා.
එහිදී ඔහු සඳහන් කළේ කාර්යාලයීය කරුණක් හේතුවෙන් අදහස් හුවමාරුවක් සිදු වුව ද තමන්ට පහරදීමට හෝ පහරදීමට උත්සහ කිරීමට මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු නොකළ බවයි.
මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඇතැම් වෙබ් අඩවි මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට පහරදීමට උත්සහ කරන ආකාරයක් තමන්ද නිරීක්ෂණය කළ බවයි සාගර ලක්මාල් සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් ඔහු නොසසතුට පළ කළේ පහත ආකාරයෙනුයි.