පොඩි ලැසී තවත් ‘ඝාතන සැළසුමක ‘ තොරතුරු වමාරයි

අපරාධ කල්ලි සමාජික ‘පොඩි ලැසී‘ හෙවත් ජනිත් මධුසංඛ ගෙන් අනාවරණය කරගත් කරුණු අනුව මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ සඟවා තිබු ස්වයංක්‍රීය පිස්තෝලයක්, ට්‍රක්රථයක් හා නවීනතම මෝටර් රථයක් අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.

මෙම ට්‍රක්රථය හා මෝටර් රථය යොදාගෙන මනෝජ් මැන්ඩිස්ගේ කල්ලියේ ගෝලයකු වන බන්ධනාගාර ගතව සිටින මීටියාගොඩ ජනිත් නිශාන්ත ඝාතනය කිරීමට පොඩි ලැසී සැලසුම් කර ඇතිබව හෙලිවී තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ නිලධාරින් මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ සඟවා තිබු ස්වයංක්‍රීය පිස්තෝලයක් සොයාගත් අතර, මෙම ඝාතන සැලසුමට යොදා ගැනීම සඳහා ගඩොල් කපන ස්ථානයක සඟවා තිබු ට්‍රක්රථයක්ද, හබරාදුව ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබූ නවීනතම මෝටර් රථයක්ද සොයාගනු ලැබු බව විමර්ශන නිලධාරිහු පැවසූවා.

මෙම රථ වහන හා ගිනිඅවිය පොඩි ලැසීගේ බවට අනාවරණය වි ඇතිබවද එම නිලධාරිහු සඳහන් කළා.

මේ වන විට ඇප මත මුදාහැර සිටියද අපරාධ විමර්ශන කොට්ඨාශයට බාර දී ඇති පොඩි ලැසී දින 90 ක කාලයක් රඳවාතබාගෙන ප්‍රශ්න කිරීමට පසුගිය 15 වැනිදා අධිකරණයෙන් අවසර ලැබුණා.

මෙම ඝාතන සැලැස්ම පිළිබඳව ඔහුගෙන් අනාවරණය වූයේ එම ප්‍රශ්න කිරීම් වලදීයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *