ඉපදෙන්න ඉන්න පොඩි සරාගේ පළමු ඡායාරූපය නිකුත් කරයි (PHOTOS)

සජිත අනුත්තර කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක් මෙන්ම නිවේදකයෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ දක්ෂ ජනප්‍රිය කළා ශිල්පියා විවාහ වෙලා ඉන්න බුවිනිකා හල්විටිගේ සමඟින් කියන්න දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් මේ ආදරණීය යුවලගේ විවාහයෙන් අවුරුදු කිහිපයකට පස්සේ ඔවුන්ගේ දෙවෙනි විවාහ සංවත්සරයත් පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වගේම සජිතගේ ආදරණීය සුන්දර බිරිඳ බුවී පහුගිය දවසක ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිනුමක අපූරු ඡායාරූපයක් පළකරමින් මේ ආදරණීය යුවල කුළුදුලේ දෙමව්පියන් වෙන්න යන බව පහුගිය දවසක මුළු ලෝකෙටම පවසලා තිබුණා.

ඉතින් ඒ ගැන තොරතුරු අපි මීට කලින් ඔබ වෙත අරගෙන ආවා ඔබට මතක ඇති. ඉතින් සජිත පියෙක් බවට පත්කරමින් ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා සීයා කෙනෙක් බවට පත්කරමින් ඇන්තනී පවුලට තවත් සාමාජිකයෙක් නුදුරේදීම පැමිණෙන්නට නියමිත බව තමයි ඔවුන් එමඟින් පවසලා තිබුනේ.

ඉතින් පහුගිය දවසක බුවී ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක් තුල මේ ආදරණීය යුවලගේ ඉපදෙන්න ඉන්න සිගිති දරු පැටියාගේ ස්කෑන් ඡායාරූපයක් පල කරලා තිබුණා. ඉතින් එම ඡායාරූපයට යටින් ඔවුන්ගේ පවුලට අලුතෙන්ම එකතු වෙන්න ඉන්න සාමාජිකයා කව්ද කියලත් ඔවුන් හෙළි කරලා තිබුණා.

ඉතින් එහිදී ඇය පවසලා තිබුනේ welcome to our world baby boy කියලයි. ඉතින් ආදරණීය පුංචි පුතු පැටියෙක් ඇන්තනී පවුලට එකතු වෙන්න නියමිත බව තමයි එයින් හැඟී යන්නේ. ඉතින් මෙලොව එලිය දකින්න ඉන්න මේ ආදරණීය සිඟිති පුතු පැටියට අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට දෙවි පිහිට ප්‍රාර්ථනා කරමු.


You May also like

Leave a Reply

Your email address will not be published.