පොදුජන පෙරමුණේ ජනපති සටනට රාජපක්ෂවරු දෙදෙනෙක් !

ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස් මතුවෙමින් තිබියදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය ද චමල් ද යන ප්‍රශනය මෙතෙක් විසඳා නොමැති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් බැසිල් රාජපක්ෂ මහතා ඉඟි කර තිබුණේ ද චමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙනුයි.

“අපේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියලා දැනටමත් මහින්ද රාජපක්ෂ මහත්තයා තීරණය කරලා ඉවරයි.

ආණ්ඩුව ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් කිහිප දෙනෙක්ම හිර කළා. හිටපු ජනාධිපතිතුමා හිර කළා. මාව හිර කළා. ගෝඨාභය රාජපක්ෂ හිර කළා. නාමල් රාජපක්ෂත් හිර කළා .”

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් සිටින ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිප දෙනෙක් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවත් සමගින් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

තමන් ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය ‍ලේඛන දැනටමත් ඉදිරිපත් කර අවසන් බව ඔහු එහිදී සඳහන් කර තිබූ අතර තවත් මාස කිහිපයක් ඇතුළත ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට හැකිවේය යන්න ඔහුගේ බලාපොරොත්තුව වී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *