කටුවාපිටියේ කඳුළු දැක පිහිටට පැමිණි’ පෝලන්ත කොටිපතිනියන්ව මංකොල්ල කෑ’ කටුවපිටියේ නරුමයෝ

කටුවාපිටිය දේවස්ථානයට පාස්කු ප්‍රහාරයෙන් වූ විපත අන්තර්ජාලයෙන් දැක උදව් කිරීම සඳහා මෙරටට පැමිණි පෝලන්ත ජාතික ධනවත් කාන්තාවන් දෙදෙනෙකුව කොල්ලකා ඇති පුවතක් වාර්තා වනවා.

කටුවාපිටිය ගම්වාසීන් මුණගැසීමට පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ ගමන් බෑගයක් කොල්ලකා ඇති අතර ඔවුන්ව කටුවාපිටිය පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනා එක කතකගේ ගමන් බෑගය පැහැරගෙන පළා ගොස් ඇති අතර පැහැරගත් බෑගයේ ඇගේ ගමන් බලපත්‍ර ජංගම දුරකථන මුදල් ඇතුළු වටිනා දේ තිබී ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම බෑගය පැහැර ගත් දෙදෙනා මින් ඉහත ද විදේශිකයන් ගේ ගමන්මලු පැහැරගැනීමේ සිද්ධි
හතරකට අවශ්‍යව සිටි පුද්ගලයන් වනවා.

මෙම සිදුවීමත් සමග විදේශික කාන්තාවන් තැති ගැනීමට ලක්ව දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.