රොහාන් ප්‍රේමරත්නට එරෙහි චෝදනා අසත්‍යයි – පොලීසිය

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදල් ලබාගෙන මුදාහැරීමේ සිද්ධියක් මුල්කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාට එරෙහිව එල්ලකර ඇති චෝදනා අසත්‍ය කරුණු ඇතුළත්ව සකසා ඇති බව පොලීසිය විසින් අධිකරණය වෙත දැනුම්දී තිබේ.

අදාළ වාර්තාව මගින් පොලීසිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ඊට අදාළව ඉදිරිපත් කරන ඇති චෝදනා මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලින් තහවුරු වී නොමැති බැවින් අවසන් විමර්ශන වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන තෙක් අදාළ නඩුව බහා තබන ලෙසටය.

මේ අතර අසත්‍ය බී වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමේ චෝදනාව යටතේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට පොලීසිය පියවර ගෙන ඇත.

නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි සමයේ 2021 වසරේදී ඩුබායි රාජ්‍යයට උණ්ඩියල් ක්‍රමයට මුදල් හුවමාරු කිරීමට අදාළ චෝදනාවකට අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ රුපියල් ලක්ෂ 75ක මුදලක් අධිකරණයට අසත්‍ය කරුණු වාර්තා කර නැවත මුදාහැරීමට කටයුතු කර ඇති බවට චෝදනා එල්ලවී තිබුණි.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසට අල්ලස් කොමිසම වෙත සිදුකර තිබූ නියෝගය අත්හිටුවීමට ද අධිකරණය විසින් වැඩිදුරටත් නියෝග කර ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *